ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගි වූ ප්‍රථම ප්රචාරක රැලි 2024.08.17 වන දින දකුණු පළාතේ තංගල්ල, මාතර සහ ගාල්ල නගර වලින් ආරාම්භ වුනා. මෙහිදී තම පාලනයක් යටතේ ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කරන බවත් ආහාර, බෙහෙත් සහ අධ්‍යපනික යෙදවුම් සඳහා වන වැට් බදු සම්පූර්ණයෙන් ඉවත් කර ජනතාවට සහන සලසන බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කලා.
බදු හොරුන්ට සමාවක් නැති බවත්, හිඟ බදු කඩිනමින් අය කරන බවත් මේ පිළිබඳව කිසිඳු සැකයක් තබා නොගන්නා ලෙසත් ඔහු වැඩි දුරටත් ජනතාවට සඳහන් කලා.