මහ මැතිවරණය ලඟ ලඟම…

මුලින්ම පවත්වනුයේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බව සහ ලබන මස 14 හෝ 15 වන දින හෝ එයට පෙර පාර්ලිමේන්තුව විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.

මේ පිළිබඳව පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ ඇති බව බවද ඔහු පවසයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවද උදයංග වීරතුංග මහතා ප්‍රකාශ කරයි.

ඔහු මෙම කරුනු අනාවරණය කරනුයේ හිරු රූපවාහිනී නාලිකාව සමඟ පැවති සංවාදයකදීය.

https://kathiraya.lk