මීලඟ මැතිවරණය 2024 ජනපතිවරණයයි

2023 පළාත් පාලන මැතිවරණය 2024 තෙක් කල් දැම්මට සිදුවන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශ කර ඇති පසුබිමක විපක්ශයේ දේශපාලන කණ්ඩායම් පුංච් ජන්දය ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වීම ගගට ඉනි කපනවා වැනි ක්‍රියාවක් බව ගාල්ල දිස්ත්‍රික් එ.ජා.ප.පාර්ලිමේන්තු මංත්‍රී වජිර අභයවර්ධන පවසයි.

එමෙන්ම 2023 වර්ෂය අවසානයේ ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සුදානමින් සිටින බවට ඇතැම් පාර්ශව පැවසුවද සැබැවින්ම රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති තුමා ජනාධිපතිවරයණයකට තරග කරනුයේ 2024 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදි ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සහා සියලු රටට හිතැති බලවේග වල සහාය ලබාගනිමින් බවත් මන්ත්‍රිවරයා තව දුරටත් පැවසීය.

https://kathiraya.lk