ජනපතිවරයා ප්රමුඛ පාලකයන් සමඟ ගජ මිතුරු කණ්ඩායමක් එකට එකතු වී ඔවුන්ගේ සුර සැප ජීවිත ශක්තිමත් කිරීම
සංවර්ධනය යැයි පැවසුවත්, සමගි ජන බලවේගය අදහස් කරනුයේ මෙරට ලක්ෂ 220 ක් වූ ජනතාවගේ දියුණුව බව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙම දූෂිත, චෞර දේශපාලන සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබිය යුතුය යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බණ්ඩාරගම පැවති ජනපතිවරණ ප්රචාරක ජන හමුවක් අමතමින් සඳහන් කලා. දූෂනයෙන් තොර රටකට විදේශ ආධාර ගෙන ඒමට හැකි බවත් තමන් එවැනි පාලනයක් ගොඩ නගන බවත්, තමාගේ සක්වල, හුස්ම වැඩ සටහත් මගින් විපක්ෂයේ සිටත් වැඩ කර පෙන්වා ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කලා.