මෙවර ජනාධිපතිවරණයට ලන්තෑරුම ලකුණින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ගම්පහින් තම ජනපතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කලා.
ගෝඨාභය ජනාධිපතිවරයා රටින් පලා ගිය විට රට භාර ගන්නා ලෙස තමා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට යෝජනා කළ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කල බවත් තමාට ඔහු සමඟ ගමනක් නොමැති බව එදින තමා තීරණය කල බවත් සඳහන් කලා.
තමන් ස්වාධීන නොවන්නේ ඇයිදැයි බොහෝ දෙනා විමසූ බවත් දැන් තමන් ස්වාධීන බවත් තමන් සමඟ ජනතාවට එක් විය හැකි බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවා.