Author name: Roshan

සජබ මුදල් ඇමති

ඉදිරියේදී පිහිටුවන සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍යවරයා වන්නේ හර්ෂ ද සිල්වා මහතා බව විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේදී පැවැති වැඩසටහනකට එක් වෙමිනි.

බාර් පර්මිට් ගත්ත අයට සජිත්ගෙන් රතු එළියක්

මැතිවරණ කාල සීමාවක සිය හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබා දුන්  පුද්ගලයන්ට එරෙහිව මෙම වසර අවසන් වීමට පෙර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම පසුගිය කාලයේදී මත්පැන් බලපත්‍ර දෙසීයකට වැඩි සංඛ්‍යාවක් ලබා දී ඇති බවත් එම සියළු බලපත්‍ර තමා බලයට පත් වූ වහාම අහෝසි කරන බවත් ඔහු පවසයි.

මහ මැතිවරණය ලඟ ලඟම…

මුලින්ම පවත්වනුයේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බව සහ ලබන මස 14 හෝ 15 වන දින හෝ එයට පෙර පාර්ලිමේන්තුව විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.

මේ පිළිබඳව පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයා සමග එකඟත්වයට පැමිණ ඇති බව බවද ඔහු පවසයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවද උදයංග වීරතුංග මහතා ප්‍රකාශ කරයි.

ඔහු මෙම කරුනු අනාවරණය කරනුයේ හිරු රූපවාහිනී නාලිකාව සමඟ පැවති සංවාදයකදීය.

https://kathiraya.lk