ඇමති හරීන් විදෙස් රෝහලකට
ඉඩම් හා සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෛද්‍ය නිර්දේශ මත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට විදේශගත වී ඇත සුදුසු බවයි.
ඉඩම් හා සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු වෛද්‍ය නිර්දේශ මත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට විදේශගත වී ඇත සුදුසු බවයි.
ඡන්දයට සල්ලි නෑ කියන කතාව සම්පූර්ණ බොරුවක්. මේ මැතිවරණය සඳහා කොටස් වශයෙන් අප්‍රේල් 17 වෙනිදා වන විට රුපියල් කෝටි 246 ක් ලබා දෙන ලෙස ලිපියක් මගින් දැනුම් දී ඉල්ලා සිටියා එම මුදල එකවර ඉල්ලුවෙත් නැහැ. ඒකට පිළිතුරු විදියට මුදල් අමාත්‍යංශ ලේකම් පිළිතුරක් එවනවා, ඒ සල්ලි දෙන්නම් කියලා. නමුත් සල්ලි දුන්නෙ නැහැ.
දැනටමත් මේ පිළිබදව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කරලා තියෙනවා. ඒ වගේම ලබන සතිය තුළත් අපි නව නඩුවක් ගොනු කරනවා.
ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විජිත හේරත් මේ බව පැවසීය.
යාපනය ගුවන් තොටුපළ වෙත දැනට සතියකට දින හතරක් ගුවන් සේවා ක්‍රියාත්මක වන බවත් එය සතියේ දින හතක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
එමෙන්ම යාපනය ගුවන් තොටුපළේ ධාවන පථය දීර්ඝ කිරීම සඳහා ඉන්දියාවෙන් ණය මුදලක් අපේක්ෂා කරන බවත්, ණය පහසුකම ලැබුණු පසු ගුවන් තොටුපළ පුළුල් කිරීමේ කටයුතු සිදු කළ හැකි බව ද ඔහු සදහන් කරයි.
චීනයේ සිනොපෙක් සමාගම ඇතුලු විදේශීය සමාගම් මෙරට ඉන්ධන වෙලදාම ආරම්භ කළ පසු ඉන්ධන කෝටා ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සදහන් කරයි.
එමෙන්ම කිසිම අයුරකින් ඉන්ධන හිඟයක් ඇති නොවනු ඇතැයි ද ඔහු පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාත යම් පමණකට පහත දමා තිබුනත් වානිජ බැංකු වල ඉහළ ණය පොලී අනුපාත තවමත් පහත දමා නොමැති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය 31 වැනි දින රැස්වී පොලි අනුපාත යම් තරමකට පහත දැමූ අතර එයට සමගාමීව වාණිජ බැංකු ද සිය ණය පොලී අනුපාත පහත දමනු ඇතැයි අපෙක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නිවේදනය කර තිබුනි.
මනා කළමණාකරණයක් යටතේ අනවශ්‍ය ලෙස ඇමරිකානු ඩොලරයේ අගය පහත වැටීම වළක්වාලමින් රජය විසින් රුපියල ශක්තිමත් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
ඖෂධ මිල 16% කින් අඩුකිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
මෙම මස 15 වනදා සිට එලෙස ඖෂධ මිල පහළ දැමීමට නියමිතය.
මෙහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල එලෙස අඩුවනු ඇත.
බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි කියන ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමිවී නොමැති බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බව සඳහන් කරමින් එම මන්ත්‍රී ධූරය බලරහිත කරන රීට් ආඥාාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරි ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.
අමිල සම්පත් ශ්‍රී | ලංකාදීප
රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි මහත්මිය ලංකාදීපයට පැවැසුවාය
මීට වසර එක හමාරකට පමණ පෙර තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගත් චන්දිමා මනම්පේරි මහත්මිය සිය කටයුතු කිරීමේ දී නීතියෙන් පිට හිතවත්කම් මත රාජකාරිය පාවා නොදුන් නිලධාරිනියක බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පවසති.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ එවකට පැවැති රජයට එරෙහිව ගෙන ගිය අරගලයේ දී නාඳුනන පිරිස් විසින් ගිනි තබන ලද එම ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ නිවෙස්වලට වූ හානි සඳහා ව්‍යාජ ඇස්තමේන්තු සකස් නොකිරීම, දේශපාලන හිතවතුන්ට රජයේ ඉඩම් ලබා නොදීම සහ ඒවා අත්පත් කර ගැනීමට අවස්ථාව නොදීම හේතුවෙන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන් ප්‍රාදේශීය ලේකම්වරිය සමග විරසකවී ඇතැයි දැනගන්නට ඇත.
තමාට ලබාදුන් නිල රථය අව්වේ නවතා තැබී යැයි කියමින් දිසාපතිවරයා තමාගෙන් කිහිපවිටක්ම වාර්තා කැඳවූ බවත් අරගලකරුවන් ගිනි තැබූ දේශපාලකයන්ගේ නිවාසවලට පූර්ණ හානි වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ද ප්‍රාදේශීය දේශපාලනඥයන් අනවසරයෙන් අල්ලා ගත් ඉඩම්වලට බලපත්‍ර නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ද දිසාපතිවරයා කිහිපවතාවක්ම වාර්තා කැඳවූ බවත් ප්‍රාදේශීය ලේකම්වරිය පැවැසුවාය.
තමා නිවෙසට යන එන සෑම අවස්ථාවකදීම විවිධ පුද්ගලයන් යොදවා තමාට විවිධ බලපෑම් කළ බවත් දරුවන්ගේ සහ තමාගේ ජීවිතවලට තර්ජනයක් වූ නිසා ප්‍රාදේශීය ලේකම් තනතුරින් යන බවත් ඇය කීවාය.
මේ අතර 2021 අගෝස්තු 11 වැනිදා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගත් චන්දිමා මනම්පේරි මහත්මිය ඉන්ධන හිඟයක් පැවැති සමයේ ප්‍රදේශයට ලැබුණු ඉන්ධන තොග තම පෞද්ගලික මැදිහත්වීම මත ගැටලු ඇති නොවන සේ බෙදා හැරීමට කටයුතු කළ බවද ප්‍රදේශවාසීහු පවසති.
ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක වන චන්දිමා මනම්පේරි මහත්මිය ප්‍රාදේශීය ලේකම් ධුරයෙන් ඉවත්ව ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ග්‍රාමීය නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස මාරුවක් ලබා පෙරේදා (3) පිටත්ව ගියාය.
මේ අතර කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානය, ප්‍රාදේශීය ලේකම්වරියගේ හදිසි මාරුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.
ජනතාවගේ ගැටලු විසඳීමට දිවා රෑ නොබලා කටයුතු කළ ඇය අතිදක්ෂ නිලධාරිනයක බව ජනාධිපිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.
නිලධාරිනියකට එහා ගිය ගෞරවනීය සේවයක් ඉටු කළ මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ද ඇය නැවත එම තනතුරේම පිහිටුවීමට කටයුතු කරන්නැයි ද එම ලිපිය මගින් ඉල්ලා ඇත.
මේ අතර ඇය ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගැනීමට පෙර සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා රැසක් ඇය සේවය කළ වසර එක හමාරක කාලයේ දී නිවැරැදි කළ බව ද ප්‍රදේශවාසීහු කියති.