ඡන්දෙට සල්ලි නෑ කිව්වෙ බොරුවට බව මුදල් වාර්තා වලින් එළිවෙනවා – විජිත හේරත්

ඡන්දයට සල්ලි නෑ කියන කතාව සම්පූර්ණ බොරුවක්. මේ මැතිවරණය සඳහා කොටස් වශයෙන් අප්‍රේල් 17 වෙනිදා වන විට රුපියල් කෝටි 246 ක් ලබා දෙන ලෙස ලිපියක් මගින් දැනුම් දී ඉල්ලා සිටියා එම මුදල එකවර ඉල්ලුවෙත් නැහැ. ඒකට පිළිතුරු විදියට මුදල් අමාත්‍යංශ ලේකම් පිළිතුරක් එවනවා, ඒ සල්ලි දෙන්නම් කියලා. නමුත් සල්ලි දුන්නෙ නැහැ.

දැනටමත් මේ පිළිබදව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කරලා තියෙනවා. ඒ වගේම ලබන සතිය තුළත් අපි නව නඩුවක් ගොනු කරනවා.

ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විජිත හේරත් මේ බව පැවසීය.

https://kathiraya.lk