යාපනය ගුවන් පථය දික් කරන්න ඉන්දියාවෙන් ණයක් ඉල්ලයි

යාපනය ගුවන් තොටුපළ වෙත දැනට සතියකට දින හතරක් ගුවන් සේවා ක්‍රියාත්මක වන බවත් එය සතියේ දින හතක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

එමෙන්ම යාපනය ගුවන් තොටුපළේ ධාවන පථය දීර්ඝ කිරීම සඳහා ඉන්දියාවෙන් ණය මුදලක් අපේක්ෂා කරන බවත්, ණය පහසුකම ලැබුණු පසු ගුවන් තොටුපළ පුළුල් කිරීමේ කටයුතු සිදු කළ හැකි බව ද ඔහු සදහන් කරයි.

https://kathiraya.lk