වානිජ බැංකු ණය පොලිය අඩුකර නෑ

ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාත යම් පමණකට පහත දමා තිබුනත් වානිජ බැංකු වල ඉහළ ණය පොලී අනුපාත  තවමත් පහත දමා නොමැති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය 31 වැනි දින රැස්වී පොලි අනුපාත යම් තරමකට පහත දැමූ අතර එයට සමගාමීව වාණිජ බැංකු ද සිය ණය පොලී අනුපාත පහත දමනු ඇතැයි අපෙක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නිවේදනය කර තිබුනි.

https://kathiraya.lk